Firefox Web Browser එක Microsoft Store එක වෙත එකතු කිරීමට කටයුතු කරයි

 




ජනප්‍රිය open-source Web Browser එකක් වන Firefox Windows 11 හි Microsoft Store එක වෙත ගෙන ඒමට Mozilla Foundation එක මේ වන විට කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම මීට පෙර Microsoft සමාගම ඔවුන්ගේ Store එකට Microsoft Edge හැර වෙනත් Web Browsers ඇතුලත් කිරීමට ඉඩ දී නොතිබුණු නමුත්, මෑතකදී සිදු කළ Microsoft Store හි ප්‍රතිපත්ති ලිහිල් කිරීම නිසා මෙලෙස 3rd party Web Browsers එකින් එක Microsoft Store එක තුලට එකතු වනු දැකතගත හැකි වෙනවා.

විශේෂයෙන්ම මේ වන විටත් Opera සහ Firefox යන Web Browsers මෙලෙස Microsoft Store එක හරහා ලබාගත හැකි නමුත්, Google ආයතනය තවමත් Chrome ඇතුළුව ඔවුන්ගේ කිසිඳු app එකක් Microsoft Store එකට ඇතුලත් කර ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

කෙසේ නමුත් මීට පෙර ඔබ Windows මත Firefox install කිරීමට පියවර කිහිපයක්ම සිදුකළ යුතු වූ නමුත් මේ වන විට සියලුම පරිශීලකයින්ට මෙම Firefox Web Browser එක Microsoft Store හරහා පහසුවෙන් install කරගැනීමේ හැකියාව ලැබෙනවා

Comments

Popular posts from this blog

Auto Live Stream Captions පහසුකම සියලුම YouTube Creator වරුන් හට ලබා ගත හැකි බව Google සමාගම පවසයි